ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධාන වෙතින් ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇදුම් තොගයක් කහතුඩුව Hydramani Pentex ආයතනය සහ ‘The Fight Against Corona Team’ යන සංවිධානය මගින් නාවික හමුදාව වෙත භාරදීම 2020 අප්‍රේල් 21 වන දින ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී දී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් විවිධ ආයතන වෙතින් අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. ඒ අනුව ඔලුවිල් වරායේ ස්ථාපිත කර ඇති නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල කහතුඩුව Hydramani Pentex ආයතනයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ ‘The fight against Corona Team’ යන සංවිධානයේ සමාජිකයින් පිරිසක් මගින් ගිණිකොන නාවික විධානය වෙත ලබා දීම සිදු කරන ලදි.

තවද, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් Hydramani Pentex ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ‘The Fight Against Corona Team’ යන සංවිධානය වෙත නාවික හමුදාව වෙනුවෙන් කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍