මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 23 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 11ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර මුර සංචාර දියත් කරනු ලබන අතර, එලෙස 2020 අප්‍රේල් 23 වන දින මඩකළපුව, කොටුවමඩ ප්‍රදේශයේ මඩකලපු කලපුවෙහි දියත් කරනු ලැබූ තවත් එක් මුර සංචාරයකදී එහි මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ තහනම් දැල් 11 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සමත් විය. ඒ අනුව අදාල දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි

මෙලෙස නාවික හමුදා භාරයට ගත් තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.