කඩොලාන ශාක කැපු පුද්ගලයින් තිදෙනක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 23 වන දින මන්නාරම, තිරුකේතීෂ්වරම් කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්‍ෂාව මෙන්ම සාගරික පරිසර පද්ධතිය හා මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. එහිදී ඔවුන් සතුව තිබූ කඩොලාන ශාක කැපීමට යොදා ගන්නා ලද පිහියක් (01) ක්, ධීවර යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 31ත් 42ත් අතර වයස් වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ පිටත දහන යන්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මඩු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදි.

වෙරළ ඛාදනය වැලැක්වීම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.