නාවික හමුදාව විසින් ‍අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ

අනුරාධපුර රෝහලෙහි ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව විසින් 2020 අප්‍රෙල් 22 වන දින එම රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දීම සිදු කරන ලදි.

රටේ පවතින වාතාවරණය තුල රෝහල් කාර්ය මණ්ඩල දැඩි අවධානම් පරිසරයක් තුල රාජකාරි සිදු කිරීමට සිදුව ඇති අතර, එම කාර්යමණ්ඩලයන් සඳහා නාවික හමුදාව මේ වන විටත් රෝහල් වාට්ටු සංකීරණ අළුත්වැඩියා කිරීම නව තාක්‍ෂණය භාවිතයෙන් රෝගීන් සඳහා ප්‍රථිකාර ලබාදිය හැකි ක්‍රම හදුන්වාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. තවද බොහෝ පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධානයන්ගේ අනුග්‍රහය මත එම කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල ලබා දීමද සිදු කරමින් පවතී. p>

ඒ අනුව, ANIM-8 සහ Supem De Silva, Adventure SEAL ආයතන වෙතින් නාවික හමුදාවට ලබා දුන් පිරිසිදු කිරීමෙන් පසු නැවත නැවත භාවිතා කල හැකි තවත් ආරක්‍ෂිත මුහුණු ආවරණ (Face visor) තොගයක් නාවික හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත භාර දීම 2020 අප්‍රෙල් 22 වන දින සිදු කරන ලදි.

ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති තුමන් විසින් මෙම ආරක්‍ෂිත මුහුණු ආවරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට කටයුතු කල අතර, මේ අවස්ථාව සදහා රෝහල් කාර්ය්‍ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි වී සිටින ලදි.