මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 24 වන දින තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුව මස් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් මෙහෙයුමක් තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල අතර, එහිදී මුව මස් කිලෝග්‍රෑම් 35ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 44 ක් වන මන්නාරම, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇත.

එම සැකකරු සහ මුව මස් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබන අතර, මෙරට පරිසර පද්ධතිය සුන්දර කරනු ලබන මෙවැනි සත්වයින් ඝාතනය කරමින්, සුළු පිරිසක් විසින් සිදු කරනු ලබනු මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීමටද නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.