නාවික හමුදාව විසින් පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගනී.

නාවික හමුදාව 2020 මැයි මස 01 වන දින මන්නාරම, නච්චිකුඩා වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය.

වෙරළ ආරක්‍ෂක රාජකාරියේ යොදවා සිටි උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් ‍විසින් 2020 මැයි මස 01 වන දින නච්චිකුඩා වෙරළ තීරයට ආසන්නයෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැක කටයුතු වස්තුවක් නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව විධාන කිමිදුම් නාවිකයින්ගේ සහායෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී මළබැඳී ගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය. මෙම කාලතුවක්කු උණ්ඩය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ භාවිතා කරන ලද උණ්ඩයක් බවට සැක පළ කරන අතර එම සොයා ගන්නා ලද කාලතුවක්කු උණ්ඩය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලන්කාවිල් පොලිස් ස්ථානය හරහා කිළිනොච්චිය විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලදි.