ලීසන්ස් රෝහල ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ තොගයක් ලීසන්ස් රෝහල සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 02) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අතරින් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ අවස්ථා ගණනාවකදීම නාවික හමුදාව වෙත අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල සහ මුඛ ආවරණ වැනි විෂයන් ලබා දීම සිදු කරන ලදි. ඒ අනුව අද (2020 මැයි 02) දිනයේදීද ලීසන්ස් රෝහල මනුසත් දෙරණ මානූෂීය ක්‍රියාන්විතය හා අත්වැල් බැඳගනිමින් නාවික හමුදාව වෙත පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ උපකරණ තොගයක් ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට ලීසන්ස් රෝහලේ සභාපති තුමන් ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි ලීසන්ස් රෝහලේ සභාපතිතුමන් ඇතුළු පිරිස සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍