කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 04) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහයන් ලැබෙමින් පවතී, ඒ අනුව අද (2020 මැයි 04) කොළඹ නැව් තඨාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) කළමණාකරණ අධ්‍යක්‍ෂක ඩීවී අබේසිංහ මහතා විසින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් ලබා දීම සිදු කරන ලද අතර එහිදී ඔහු විසින් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් සිදු කර ගෙන යනු ලබන වැඩසටහන් ඇගයීමටද ලක් කර සිටින ලදි.

නාවික හමුදාධිපති විසින් එම විෂයන් භාර ගන්නා ලද අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් කළමණාකරණ අධ්‍යක්‍ෂක තුමන් වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍