වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 03 වන දින යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

04 May 2020

කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 04) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

04 May 2020

ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මැයි 04) කටයුතු කරන ලදී.

04 May 2020

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

04 May 2020