බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු 2020 මැයි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙහිදී බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු 2020 මැයි 04 වන දිනද, තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (2020 මැයි 05) දිනයේද පිටත්ව යන ලද අතර, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පවුල් 10ට අයත් පුද්ගලයින් 29 දෙනෙකුද අද (2020 මැයි 05) වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

මෙහිදී ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින්ද බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථා‍නයෙන් පිටව ගිය පිරිස වෙත අදාල සහතික පත් එම නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී විසින්ද ලබා දීමට කටයුතු කරන ලදි.

මෙහිදී ප්‍රථම කණ්ඩායම වශයෙන් මෙම පුද්ගලයින් 29 දෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යනු ලැබූ අතර තවදුරටත් පුද්ගලයින් 39 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය සඳහා යොමු කර සිටී. බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් මේ වන විට පුද්ගලයින් 112ක් කණ්ඩායම් 16ක් වශයෙන් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 62 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.