Southern Airduct (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දෙයි.

Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දීම 2020 මැයි මස 04 වන දින සිදු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් විවිධ ආයතන වෙතින් අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. මෙහිදී නාවික හමුදා සමාජිකයින්ගේ ආරක්‍ෂාව සහ කඳවුරු පරිශ්‍රයන් තුලට වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයින්ගේ දුරස්ථ භාවය ආරක්‍ෂා කිරීමට පවත්වාගෙන යනු ලබන හුදෙකලා මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීම සඳහා Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් මෙම විදුලි පංකා නාවික හමුදාව වෙත ලබා දී ඇති අතර, එම විෂයන් ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් නාවික හමුදාව වෙත භාර ගන්නා ලදි.

තවද, රටතුල ඇති වී තිබෙන මෙවැනි ව්‍යසනකාරී තත්වයක් යටතේ එය මැඩපැවැත්වීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් මෙම උපකරණ නාවික හමුදාව වෙත ලබා දීම පිලිබඳව ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති විසින් Southern Airduct (Pvt) Ltd ආයතනය වෙත නාවික හමුදාව වෙනුවෙන් කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍