වැදගත් සිදුවීම්

HHCO Industries (Pvt) Limited ආයතනය ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ සහිත ආරක්‍ෂිත හිස්වැසුම් තොගයක් HHCO Industries (Pvt) Limited ආයතනය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 05) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

05 May 2020

Southern Airduct (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දෙයි.

Southern Airduct (Pvt) Ltd ආයතනය මගින් නාවික හමුදාව වෙත විදුලි පංකා ලබා දීම 2020 මැයි මස 04 වන දින සිදු කරන ලදි

05 May 2020

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 39 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු 2020 මැයි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

05 May 2020

නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි 04 වන දින හම්බන්තොට නව රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 May 2020

කොරෝනා සුව වූ දෙවන (02) ‍නාවික පුද්ගලයාත් මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි.

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

05 May 2020