වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වැළදුණු තවත් ‍නාවික පුද්ගලයින් දෙදෙනෙක්ට (02) සුවයි.

2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාධිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 05 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

නිවාඩු මත පසුවූ මෙම නාවික පුද්ගලයින් දෙදෙනා (02) 2020 අප්‍රේල් 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත යන රෝහල් වලදී පීසීආර් පරීක්‍ෂණයන් සඳහා භාජනය කරන ලද අතර, එහිදී ඔවුන් කොඩිව් - 19 ආසාධනය වූ නාවික පුද්ගලයින් බවට හදුනාගැනීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහල වෙත යොමු කරන ලදි

එම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි මෙම නාවික පුද්ගලයින් දෙදෙනා සඳහා ප්‍රතිකාර අතරතුර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔවුන්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා 2020 මැයි මස 05 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

නිවාඩු මත සිටි ‍මෙම නාවික පුද්ගලයින් දෙදෙනාගේම පවුල් වල සාමාජිකයින් මේ වන විට නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත යොමු කර සිටින අතර, මෙම නාවික පුද්ගලයින් රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව මෙම පුද්ගලයින් දෙදෙනාද (02) ඇතුළුව මේ වන විට වෛරසය ආසාධන වූ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු (04) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.