Nilkamal Eswaran Plastics (Pvt) Ltd විසින් නාවික හමුදාව වෙත අවශ්‍ය රෝහල් ඇඳන් පරිත්‍යාග කෙරේ.

Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රෝහල් ඇඳන් ලබා දීම 2020 මැයි 06 වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද දිනයේද Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනය විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත රෝහල් සඳහා භාවිතා කරනු ලබන ඇඳන් ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි Nilkamal Eswaran Plastics (Pvt) Ltd ආයතනයේ නිලධාරීන් සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍