Good Neighbors Srilanka ආයතනය සහ Ceylon kisses ආයතනය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාගයන් රැසක්.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ, අත් ආවරණ, විෂබීජහරණ දියර හා ආරක්ෂක ඇදුම් සහ තේ කොල පැකට් (Tea Bags) 50000 ක ප්‍රමාණයක් Good Neighbors Srilanka සහ Ceylon kisses යන ආයතනයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම 2020 මැයි 05සහ 06 යන දිනයන් හිදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව 2020 මැයි 05 වන දින Ceylon kisses ආයතනය විසින් තේ පැකට් (Tea Bags) 50000 ක තොගයක් සහ 2020 මැයි 06 වන දින Good Neighbors Srilanka ආයතනය වෙතින් රැපියල් ලක්‍ෂ 6.5 ක් වටිනා මුහුණු ආවරණ, අත් ආවරණ, විෂබීජහරණ දියර හා ආරක්ෂක ඇදුම් තොගයක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.

මෙම පරිත්‍යාගයන් බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් නාවික හමුදාව වෙනුවෙන් භාර ගන්නා ලද අතර, මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි Ceylon kisses ආයතනයේ සහ Good Neighbors Srilanka ආයතනයේ නියෝජිතයින් වෙත බටහිර නාවික විධානය භාර ආඥාපති තුමන් විසින් නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍