'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යනු ලබන වැඩ පිළිවෙල වෙනුවෙන් අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇඳුම් (PPE) තොගයක් 'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය වෙතින් 2020 මැයි 06 වන දින නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි.

'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය විසින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැඩපැවැත්වීම සඳහා තම ජීවිත අවධානමද නොතකා රාජකාරි කටයුතු ඉතා කැපවීමෙන් ඉටු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලික ආරක්ෂක ඇඳුම් (PPE) ලබා දීමට ආරම්භ කරන ලද 'දැල්වූ පහන් සුව හරසර' නම් ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත මෙම ආරක්‍ෂිත ඇදුම් ලබා දීම සිදු කරන ලදි. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ආරක්‍ෂිත ඇදුම් 100ක් 2020 මැයි 06 වන දින මෙලෙස නාවික හමුදාව වෙත ලබා දුන් අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත මෙම විෂයන් භාරදීම සඳහා 'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර, වෛද්‍ය මධුභාණි දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටින ලදි.

තවද නාවික හමුදාධිපති තුමන් විසින් එම අවස්ථාවේදී 'දැල්වූ පහන්' සමාජ සේවා සංවිධානය විසින් සිදු කරනු ලබන මෙම ආරක්‍ෂිත ඇදුම් ලබා දීමේ ව්‍යාපෘතිය සිය ඇගයීමටද ලක් කර සිටින ලදි.