Women to Women සංවිධානය හා ‘මනුසත් දෙරණ’ මගින් නාවික හමුදාව වෙත තවත් පරිත්‍යාගයක්.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය කොට්ට, මෙට්ට සහ ඇඳ ඇතිරිළි තොගයක් Women to Women සංවිධානය සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම 2020 මැයි 06වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අතරින් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ අවස්ථා ගණනාවකදීම නාවික හමුදාව වෙත අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල, මුඛ ආවරණ, ජල පෙරණයන් සහ පානීය ජල බෝතල් වැනි විෂයන් ලබා දීම සිදු කරන ලදි. ඒ අනුව 2020 මැයි 06 වන දිනද Women to Women සංවිධානය මනුසත් දෙරණ මානූෂීය ක්‍රියාන්විතය හා අත්වැල් බැඳගනිමින් නාවික හමුදාව වෙත කොට්ට,මෙට්ට, ඇඳ ඇතිරිලි 200 බැගින්වූ තොගයක් ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට Women to Women සංවිධානයේ ජාතික සංවිධායක දිනීතා රත්නායක මැතිණිය සහ ‘මනුසත් දෙරණ’ කාර්යය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි Women to Women සංවිධානයේ නියෝජිතයින් සහ ‘මනුසත් දෙරණ’ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍