වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් - 19 වැළදුණු තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 06 වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙලෙස සුවය ලබා රෝහල් වෙතින් පිටත්ව යන ලද නාවිකයන්ගෙන් 07 දෙනෙකු කොළඹ නාවික මහ රෝහලෙහිද එක් නාවික පුද්ගලයෙක් මුල්ලේරියාව රෝහලෙහිද ප්‍රථිකාර ලබාගෙන ඇති අතර එම රෝහල් තුල මෙම නාවිකයින් ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔවුන්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 06 වන දින රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

තවද, මෙම නාවික පුද්ගලයින් රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව මෙම පුද්ගලයින් 08 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධන වූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.