කොවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් වෙතින් පිටව ගොස් අවසන්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් දෙදෙනාත් (02) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහල වෙත ඇතුලත් කරන ලදි. ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින්වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි 07 වන දින සවස් භාගයේදී රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මේ අනුව මේ වන විට මෙම පුද්ගලයින් දෙදෙනාද (02) ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.