ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකර සියළු ලෝවැසියන්ට සෙත් පතා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් සිදු කෙරේ.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන සියළුම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන ලදි. ලොව පුරා වසංගත තත්වයක් ලෙස පැතිරීයන කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් වල ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් මෙන්ම සියළු ශ්‍රීලාංකිකයින් ඇතුළු සමස්ථ ලෝවාසී ජනතාව වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කරන ලදි.

ඒ අනුව, 2564 වැනි සම්බුද්ධජයන්තිය නිමිතිකොට ගනිමින් නාවික හමුදා සමාජිකයින් විසින් වෙසක් පහන් කූඩු දැල්වීම. ආගමික වතාවත්හි නිරත වීම සිදු කරන ලද අතර, කොවිඩ් - 19 ආසාදනය වී රෝහල් ගතව සිටින නාවික පුද්ගලයින් හට මෙන්ම මෙම වෛරස තත්වය හේතුවෙන් රෝගාතුරව සිටින සියළු ලෝවාසීන් වෙනුවෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර පහන් දැල්වීමේ වැඩසටහන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියළුම නාවික කඳවුරු පරිශ්‍රයන්හි පැවැත්වීමටද මෙහිදී කටයුතු කරන ලදි.


උතුරු නාවික විධානය


බටහිර නාවික විධානය


නැගෙනහිර නාවික විධානය


දකුණු නාවික විධානය


උතුරු මැද නාවික විධානය


ගිණිකොණ නාවික විධානය


වයඹ නාවික විිධානය