වැදගත් සිදුවීම්

ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකර සියළු ලෝවැසියන්ට සෙත් පතා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් සිදු කෙරේ.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන සියළුම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන ලදි. ලොව පුරා වසංගත තත්වයක් ලෙස පැතිරීයන කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් වල ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් මෙන්ම සියළු ශ්‍රීලාංකිකයින් ඇතුළු සමස්ථ ලෝවාසී ජනතාව වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කරන ලදි.

08 May 2020

කොවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් වෙතින් පිටව ගොස් අවසන්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

08 May 2020

නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (2020 මැයි 08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

08 May 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 07 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

08 May 2020