වැදගත් සිදුවීම්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සිදු කරන වැඩසටහන් සඳහා නාවික හමුදාව වෙත රාගම ප්‍රදේශයේ ජනතාව විසින් මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් රාගම ප්‍රදේශයේ ජනතාව විසින් නාවික හමුදාව වෙත ලබා දීමට අද (2020 මැයි 09) කටයුතු කරන ලදි.

09 May 2020

ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් විසින් නාවික හමුදාව වෙත කොරෝනා මැඩලීමට අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය උණුවතුර බෝතල් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 09) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

09 May 2020

නිරෝධායන කටයුතු අවසන්කල තවත් පුද්ගලයින් 14 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු 2020 මැයි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

09 May 2020

නාවික හමුදාවේ COVID -19 අසාධනය වූ පළමු නාවිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මුල් වරට හදුනා ගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් කොරෝනා වෛරසය ආසාධිතවූ නාවික හමුදා පුද්ගලයින් 05 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 08 සහ 09 යන දිනයන්හි රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

09 May 2020