පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මැයි 09 වන දින ත්‍රිකුණාමලය, මලෙයිමුන්තාල් මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශ වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරත්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2020 මැයි මස 09 වන දින ත්‍රිකුණාමලය, මලෙයිමුන්තාල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. තවද මෙහිදී ඔවුන් විසින් පුපුරණ දුව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක්, ධීවර යාත්‍රාවක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ ජංගම දුරකථනයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් තිදෙනා මොහොතුවරම් සහ ඉච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ත් 28ත් අතර වයසේ පසුවනන්නන් බවට හදුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයින් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.