හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 මැයි 10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද නීති විරෝධී මත්ද්‍රව්‍ය ජවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී. ඒ අනුව සිදු කල තවත් එක් මෙහෙයුමක් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ හම්බන්තොට, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 මැයි මස 10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. එහිදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා සතුව තිබී හෙරොයින් ගෑම් 12.260 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව අදාල සැකකරු සහ යතුරු පැදිය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි වයස අවු 32ක් වන පුද්ගලයෙකු බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, හෙරොයින් ප්‍රමාණය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.