වැදගත් සිදුවීම්

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 11 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

12 May 2020

රිච්මන්ඩ් විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් තොගයක් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් නාවික හමුදාව වෙත භාරදීම අද (2020 මැයි 12) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී දී සිදු කරන ලදි.

12 May 2020

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

12 May 2020

මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 28 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 28 දෙනෙකු අද (2020 මැයි 12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

12 May 2020

නාවික මහ රෝහල‍ වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලද පුද්ගලයින් වෙනුවෙන් මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල් වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් පත්වන අපහසුතාවය සැළකිල්ලට ගෙන එම මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල මගින් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් සකස් කරන ලදි.

12 May 2020