නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගෑස් උදුන් දෙකක් (02), මීටර 3.5 පමණ දිග තඹ දගරයක්, බැරල් එකක් (01) සහ තවත් උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 38ක් වන කතරගම ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කොටවිල, සුරාබදු දෙපාර්මේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.