රිච්මන්ඩ් විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක විෂයන් තොගයක් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් නාවික හමුදාව වෙත භාරදීම අද (2020 මැයි 12) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී දී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් විවිධ ආයතන වෙතින් අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. ඒ අනුව නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි රාජකාරි කටයුතු සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල, අත්වැසුම්, මුහුණු ආවරණ, විෂබීජ හරණ දියර ඇතුළු තවත් සෞඛ්‍යාරක්‍ෂක විෂයන් තොගයක් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම විසින් ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වෙත ලබා දීම සිදු කරන ලදි.

තවද, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති විසින් ගාල්ල රිච්මන්ඩි විද්‍යාලීය 2004 කණ්ඩායම වෙත නාවික හමුදාව වෙනුවෙන් කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍