කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 12 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 07 දෙනෙක් හෝමාගම රෝහලෙහිද, දෙදෙනෙක් (02) මුල්ලේරියාව රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙක් අයිඩීඑච් රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින්වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 12 එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 62ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.