චලෙයි ප්‍රදේශයේ තිබී බෝම්බ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි 12 වන දින චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මැයි 12 වන දින චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී වෙරළ තීරයට ආසන්න කැලෑ බඳ ප්‍රදේශයක තිබී මළ බැදී ගිය මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ තුනක් (03) ක්, අත් බෝම්බයක් (01), RPG බෝම්බ 05ක් සහ තවත් වර්ගය හදුනාගත නොහැකි බෝම්බ 02ක් සොයා ගැනීමට සමත් විය.

මෙලෙස සොයා ගන්නා ලද සියළුම බෝම්බ නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව ඇත.