ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් එම ජ්‍යෙෂ්ඨ නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත සහ විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ගලයින්ගේ ප්‍රේෂණපත් එම නාවිකයින් පදිංචි ප්‍රදේශයන් වෙත ගොස් ලබා දීමේ වැඩසටහනක් 2020 මැයි මස 11 දින සිට 14 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදි.

රට තුල ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් නාවික පුද්ගලයින් නාවික හමුදා මූලස්ථානය වෙත කැඳවා ප්‍රේෂණපත් ලබාදීම සිදු කල නොහැකි බැවින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙම පොලී රහිත ණය මුදල හිමිකම් ලබන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා එම නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත ගොස් ප්‍රේෂණපත් ලබා දීමටත්, විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ගලයින්ගේ ප්‍රේෂණපත් ඔවුන් පදිංචි ප්‍රදේශයන් වෙත ගොස් ලබා දීමටත් වැඩසටහනක් දියත් කරන ලදි. ඒ අනුව 2020 මැයි මස 11 වන දින සිට 14 වන දින දක්වා දින 04ක් පුරා පැවති මෙම වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රැපියල් මිලියන 75ක මුදලක් නාවික සහන පදනම වෙතින් ලබාදීමට කටයුතු කරන ලදි..

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 3130 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇති අතර, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 2038 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.