වැදගත් සිදුවීම්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් එම ජ්‍යෙෂ්ඨ නාවිකයින් රාජකාරි කරනු ලබන ආයතන සහ නෞකාවන් වෙත සහ විශ්‍රාම පූර්ව නිවාඩු සිටින නාවික පුද්ගලයින්ගේ ප්‍රේෂණපත් එම නාවිකයින් පදිංචි ප්‍රදේශයන් වෙත ගොස් ලබා දීමේ වැඩසටහනක් 2020 මැයි මස 11 දින සිට 14 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදි.

14 May 2020

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව ලබා දෙයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ අණභාර නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් සෙඩ්ඩ්‍රික් මාටින්ස්ටෛන් සිහිවීම පිණිස එතුමන්ගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය ‍කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට නිල වශයෙන් නාවික හමුදාව වෙත භාරදීම 2020 මැයි 13 වන දින සිදු කරන ලදි.

14 May 2020

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 121ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 59දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 13 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

14 May 2020