ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 19ක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු අද (2020 මැයි 15) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 19 දෙනෙකු මෙලෙස අද (2020 මැයි මස 15) ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

ඒ අනුව ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි සියළුම පුද්ගලයින් මේ වන විට පිටත්ව ගොස් අවසන්ව ඇත.