වැදගත් සිදුවීම්

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 19ක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු අද (2020 මැයි 15) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

15 May 2020

ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව කැළණි ග‍ඟේ ලවණ බාධක ඉවත් කරයි.

මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ග‍‍ඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව 2020 මැයි මස 13 සහ 14 යන දිනයන්හි කටයුතු කරන ලදි.

15 May 2020

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 162ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 35කට අයත් සමාජිකයින් 162 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 14 වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

15 May 2020

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 14 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

15 May 2020