කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයෙන් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මගින් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක් (රු.500000.00) ලබා දීම 2020 මැයි 15වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නාවික හමුදාව වෙත ලබා දීම සඳහා නොයෙක් ආයතන, සංවිධාන සහ පුද්ගලයින් ඉදිරිපත්ව සිටින අතර, ඒ අනුව එම වැඩසටහන් සඳහා නාවික හමුදාවට ශක්තියක් වීමට ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් රුපියල් ලක්‍ෂ පහක (රු500000.00) මුදලක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදි. මෙම මූල්‍යමය පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සඳහා එම සංගමයේ සභාපති හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි ඇතුළු එම සංගමයේ සාමාජිකයින් පිරිසක් පැමිණ සිටි අතර එම පිරිස විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත මෙම පරිත්‍යාගය ලබා දීමට කටයුතු කරන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීද එක්ව සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් රටතුල ඇති වී තිබෙන වාතාවරණය මත නාවික හමුදාව විසින් සිදුකරන වැඩසටහන් වෙනුවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගය ඉතා අගය කරමින් මෙම අවස්ථාවට පැමිණ සිටි නාවික හමුදා සංගමයේ සමාජිකයින්ට සහ නාවික හමුදා සංගමය වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලද අතර, එම මුදල නාවික හමුදාධිපතිගේ උපදෙස් මත නාවික සමාජීය මෙහෙවර (NSR) අරමුදල වෙත බැර කිරීමට නියමිතව ඇත.