බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඔලුවිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර මුර සංචාර දියත් කරනු ලබන අතර, ඒ අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ ඔලුවිල් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඔලුවිල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස අල්ලා තිබූ පොකිරිස්සන් 20ක්, ධීවර යාත්‍රාවක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 33 සහ 51 යන වයස් වල පසුවන පාලමුණේ සහ ඔලුවිල් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට කරුණු අණාවරණය කර ගෙන ඇති අතර, අදාල සැකකරුවන්, ඔවුන් විසින් නීති විරෝධීව අල්ලා තිබූ පොකිරිස්සන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔලුවිල් ධීවර පරීක්‍ෂක වෙත භාරදිමට කටයුතු කරන ලදි.