වැදගත් සිදුවීම්

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 සහ 16 යන දිනයන්හි ඉලුප්පුකඩවායි සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

16 May 2020

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් දෙකකදී ගංජා සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 15 වන දින බෙලිඅත්ත සහ තණමල්විල යන ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකුත් (03) දේශීය ගංජා සමඟ එක් (01) කාන්තාවකුත් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

16 May 2020

නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් ලබා දෙයි.

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

16 May 2020

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 67ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 16කට අයත් සමාජිකයින් 67 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 15සහ 16 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

16 May 2020

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (2020 මැයි 16) කටයුතු කරන ලදි.

16 May 2020

බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඔලුවිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

16 May 2020

කොරෝනා මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයෙන් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මගින් නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ පහක් (රු.500000.00) ලබා දීම 2020 මැයි 15වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

16 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 177ක් දක්වා ඉහළට.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 15 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

16 May 2020