අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 වන දින කින්නියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලදි. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් මෙහෙයුමක් 2020 මැයි මස 15 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ කින්නියා පොලීසිය එක්ව කින්නියා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. එහිදී මාර්ගයේ යතුරු පැදියක ගමන් ගත් සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී පැකට් 15ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව අදාල පුද්ගලයින් දෙදෙනා සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 31 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කින්නියා පොලීසිය මගින් සිදු කරනු ලබයි.