වැදගත් සිදුවීම්

ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 16 වන දින කුඩා ඔය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය.

17 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු 2020 මැයි 16 සහ 17 යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

17 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 189ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 16 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

17 May 2020

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 වන දින කින්නියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

17 May 2020