මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 22ක් ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (2020 මැයි 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 22 ක් මෙලෙස අද (2020 මැයි 18) ඉන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු කරන ලදි.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කර යවනු ලැබුවද තවදුරටත් ඔවුන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් මෙහිදී එම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. තවද මේ වන විට මන්නාරම, නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙහිද නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් සියළු දෙනා තම නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්ව ඇත.