සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 23 දෙනෙකු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙම පිරිසට නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 04කට අයත් සාමාජිකයින් 20 ක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් අයත් වන අතර ඔවුන් කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් සඳහා යොමු කර සිටි පුද්ගලයින්වේ. මෙම පිරිස නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත සිය නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.