වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් ආරක්‍ෂක ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 19) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

19 May 2020

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 23 දෙනෙකු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

19 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 209ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 18 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

19 May 2020