ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2020 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

11 වන වරට පවත්වනු ලබන මෙම ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙල රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, මැති ඇමතිවරුන්, අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාෂල් ඔෆ් ද එයා ෆෝස් මෙන්ම බස්නාහිර පළාත් අණ්ඩුකාර රොෂාන් ගුණතිලක, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගීවී සිටින ලදි. රටතුල උද්ගතවී ඇති තත්වය මත ඉතා සීමිත ආරාධිතයින් සහ සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් මෙම අණුස්මරණ සැමරුම් උළෙල සඳහා සහභාගීවී සිටින ලදි.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාෂල් ඔෆ් ද එයා ෆෝස් මෙන්ම බස්නාහිර පළාත් අණ්ඩුකාර රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් ආචාර්යය පිබී ජයසුන්දර මහතා, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු අ‍නෙකුත් සම්භාවනීය අමුත්තන් සහ සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් විසින් ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමටත් තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්තිවිඳීමටත් හැකි වාතාවරණයක් ඇති කර භීෂණයෙන් වෙලී තිබුණු රටට සාමය උදාකිරීම සඳහා රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපවීමක් සිදුකල බවත් ඒ භීෂණයෙන් රට මුදවා ගැනීමේ ගෞරවය දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ සාමය වෙනුවෙන් සටන්කල සියළුම විරෝධාර රණවිරුවන් වෙත ලබා දිය යුතු බවත් ප්‍රකා‍ශ කර සිටින ලදි.