කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය ‍කො‍ට්‍ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 19 වන දින නිලාවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව රට තුල සිදුවන නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරමින් සිටින අතර, ඒ අනුව 2020 මැයි මස 19 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ත්‍රිකුණාමලය ‍කො‍ට්‍ඨාශ දුෂණ මර්ධන ඒකකය හා එක්ව නිලාවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිවසක සඟවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 39 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණය කර ගත් අතර, එම සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලාවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.