වැදගත් සිදුවීම්

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය ‍කො‍ට්‍ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 19 වන දින නිලාවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 May 2020

මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 19 වන දින කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

20 May 2020

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2020 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

20 May 2020

නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 45 දෙනෙකු සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 19වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

20 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 221ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 19 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

20 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 12 දෙනෙකු 2020 මැයි 19 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

20 May 2020