නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තංගල්ල, සුරාබදු ඒකකය එක්ව 2020 මැයි මස 21 වන දින බෙලිඅත්ත නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් තංගල්ල, සුරාබදු ඒකකයයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව බෙලිඅත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මැයි මස 21 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයා සහ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 27ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේම පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු තංගල්ල, සුරාබදු ඒකකය මගින් සිදු කරනු ලබයි.