නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 22 වන දින ත්‍රිකුණාමලය, ඔර්ස්හිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව දිවයින වටා සාගරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා මෙන්ම රට අභ්‍යන්තරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහාද නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව 2020 මැයි මස 22 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය, ඔර්ස්හිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයෙකු (01) පරීක්‍ෂා කර ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 150 ප්‍රමාණයේ තහනම් මත් පෙති 650ක් සහ මිලි ග්‍රෑම් 05 ප්‍රමාණයේ මත් පෙති 60ක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 50ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද එම පුද්ගලයා සහ තහනම් මත්පෙති වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.