හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 22 වන දින මන්නාරම, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී මත්‍ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට ක්‍රියා කර ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් ඉලුප්පුකඩවායි පොලිසිය සමග එක්ව මන්නාරම, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සැක කටයුතු ප්‍රද්ගලයෙකු නිරීක්‍ෂනය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 350 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒ අනුව අදාල පුද්ගලයා සහ ඔහු සතුව තිබූ හෙරෝයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 29ක් වන වියෙහි පසුවන මන්නාරම, වෙල්ලන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තහවුරු කරගන්නා ලද අතර, එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු ඉලුල්පුකඩවායි පොලිසිය මගින් සිදු කරනු ලබයි.