කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 22 වන දින හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව 2020 මැයි මස 22 වන දින හම්බන්තොට පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය හා එක්ව හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 52ක් වන දෙබරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කොටන තුවක්කුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.