කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර අද (2020 මැයි මස 27) එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙලෙස නිරෝධානයනය අවසන් කල පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇති අතර තව දුරටත් එම කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.