වැදගත් සිදුවීම්
ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගිං ගඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට අද (2020 මැයි මස 27) නාවික හමුදාව කටයුතු කරන ලදී.
27 May 2020
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර අද (2020 මැයි මස 27) එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
27 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 344ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 26 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
27 May 2020